විදේශිකයන් සමග ශ්‍රී ලංකා පුරවැසියන් විවාහ වීමේ දී රෙජිස්ටාර් ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.
මෙම වසර ඇතුළත දී විදේශිකයන් ශ්‍රී ලාංකිකයින් විවාහ වී ඇති සංඛ්‍යාව 1800ක් බව සඳහන් වේ.
ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු වාර්තා වී ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් විවාහ කරගෙන ඔවුන් විදෙස් රටවල වෙනත් නීති විරෝධී ක්‍රියා සඳහා යොදවා ගන්නා බවටයි.
මෙම කරුණු මත පදනම්ව විදේශීය පුද්ගලයින් සමග මෙරට පුද්ගලයින් විවාහ වීමේ වයස් සීමාව ඉහළ දැමීම කෙරෙහි ද දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
රෙජිස්ටර් ජෙනරාල් ප්‍රභාත් අබේවර්ධන සඳහන් කළේ විවාහ රෙජිස්ටර් පනත සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍යවරයා සූදානම් වන බවයි.