වීසා බලපත්‍ර කාලය අවසන් වන විදේශිකයන්ගෙන් මෙතෙක් අය කළ ඩොලර් 500ක දඩය ඩොලර් 250ක දක්වා අඩු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම දඩ මුදල සම්බන්ධයෙන් විදේශිකයන්ගෙන් ලැබී තිබෙන පැමිණිලි සහ සංචාරක ව්‍යාපාරයට ඇති විය හැකි බලපෑම සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවත් , පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවති සාකච්ඡාවක දී මේ සඳහා අනුමැතිය හිමි වූ බවත් සඳහන් .
එමෙන්ම වීසා කාලය අවසන් වී පැයකට පසුව වුවද සංචාරකයන් මෙම දඩයට යටත් වන බවත් , එය ඉතා අසාධාරණ බවත් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවේදී අදහස් පළ කර තිබේ.
තව ද මෙම දඩ මුදල නිසා ඇතැම් සංචාරකයින් මෙරට සංචාරයට එක් නොවන බව සංචාරක අමාත්‍යාංශය මීට පෙර ද වාර්තා කර තිබේ.