විදෙස් ගුවන් මගීන් හට ඔවුන්ගේ රටවල සිට ගෙවීම් සිදුකෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියාවිරහිතවීම හේතුවෙන් මෙරටට පැමිණ ගුවන්තොටුපොළේ දී අදාළ ගෙවීම් කටයුතු සිදුකර වීසා ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.
එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ මේ වන විට අදාළ පහසුකම ගුවන්තොටුපොළ තුළ සක්‍රීය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ඉතාලිය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රියාව, නවසීලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට මේ වන විට දැනුම් දී ඇත.
එම රටවලින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හට එරට තුවන් තොටුපොළේ දී වීසා ලබාගෙන නොමැති නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව එරට ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අත්හිටුවා තිබුණි.
කෙසේ නමුත් මේ වන විට එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, ගුවන්තොටුපොළේ දී වීසා සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.