බන්ඩාරවෙල සිට ඇල්ල දක්වා දුම්රියක ගමන්කළ විදේශ කතකට සෙරෙප්පුවෙන් පහර දුන් ලාංකික තරුණයෙකු පිළිබඳ විඩියෝවක් ඊයේ (22) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.
එම සිද්ධියට සම්භන්ධ බව සැලකෙන සැකකරු අද පෙරවරුවේ බන්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
එම පුද්ගලයා මේ වන විට බන්ඩාරවෙල ඔහුගේ බිරිදගේ නිවසේ තාවකාලිකව පදිංචිව සිටින බවට වාර්තා වේ.සැකකරු අද (23) බන්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.