විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා හෙට (14) දින වෙන් කර ගත් පුද්ගලයින් දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කරන ලදී .එමෙන්ම හෙට දිනය වෙන් කර ගත් පුද්ගලයින් දිනක් පස්සට ගෙන සෙනසුරාදා දක්වා පැමිණිය යුතු අතර සේවා සැපයීමට ලබන සෙනසුරාදා දෙපාර්තමේන්තුව විවෘත බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම පරිගනක දෝශයට පෙර දිනයේ අයදුම්පත් භාර දුන් අය හට හෙට (14) මධ්‍යහන 12 න් පසුව විදේශ ගමන් බල පත්‍රය ලබා ගැනීමට හැකි බවත් සෙසු අයදුම්කරුවන්ට විදේශ ගමන් බල පත්‍රය කුරියර් සේවාව හරහා ඉක්මනින් ලබා ගත හැකි බවත් ජෙනරාල්වරයා දැනුම් දෙන ලදී.