විදේශ ගමන් බලපත්‍ර වලට අල්ලස් ගත් අයට වැඩ වැරදෙයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්‍යාලය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන් කර නොගෙන එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීම සදහා යැයි ප්‍රකාශ කරමින් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගත්තා යැයි මලලසේකර මාවත , කොළඹ 07 හි පදිංචි කරුණානායක මුදුයන්සේලාගේ නුවන් ජානක යන පුද්ගලයා විසින් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්‍යාලය කාර්‍ය සහයකවරියක් සහ තැරැව්කාරයන් තිදෙනෙක් විසින් මෙම අල්ලස් මුදල ලබා ගත්තා යැයි කියයි.

එම අල්ලස් ලබා ගත් පුද්ගලයින් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්‍යාලය කාර්‍ය සහයක තල්දියවල , අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි සචිනි සිතාරා ජයසිංහ , ලොතරැයි අලෙවිකරුවෙකු වූ හෙට්ටිපොල පදිංචි ප්‍රියන්ත රාමනායක , දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවෙකු වූ මීගමුව පාර කදාන ප්‍රදේශයේ පදිංචි කසුන් කලිදු චන්ද්‍රසේන , ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්‍යාලය කාර්‍ය සහයක කිතුල්පිටිය , බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත දණසිංහ යන අය බව වාර්තා වේ.

මෙම සැකකරුවන් ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව සදහන් වේ.

Exit mobile version