නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයින් පස්දෙනෙකු කටුනායක ගුවන්තොටුපළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව එහි දී අත්අඩංගුවට ගැණුනු විදෙස් මුදල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වන බව වාර්තා වේ.
අදාළ සැකකරුවන් කොළඹ ප්රදේශයේ පදිංචිකරුවන් බව ද සඳහන් වේ.
ඔවුන්ගේ සැක සහිත හැසිරීම හේතුවෙන් ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදෙස් මුදල් තොගය සොයාගෙන ඇත.
අදාළ විදෙස් මුදල් අතර අමෙරිකානු ඩොලර් 22,300ක්, යුරෝ 63,500, සෞදි රියාල් 292,000, ස්ටර්ලිං පවුම් 8,725 සහ ඩිරාම් 75,000ක් ද වන බව අනාවරණය වී ඇත.
මේ වන විට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වනු ලබයි.