විදේශ රැකියා සිහිනය උකසට තබා මුදල් වංචාවක්.

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා අදාළ කාන්තාවන් රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බවය .

මේ පිළිබඳව මන්නාරම පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු අවස්ථා කිහිපයකදීම සැකකාරියන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති අතර විදෙස් ගමන් බලපත්‍රයද සැකකාරියන් හට ලබා දී ඇති බවට අනාවරණය වේ.

සැකකාරියන් අවුරුදු 31ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශණ ක්‍රියාත්මක කර තිබේ.

Exit mobile version