හෙට (13) පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී මෙරට මේ වන විට මුහුණ දී ඇති විදේශ සංචිත ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතව ඇත.
එම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද කැඳවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් මණ්ඩල රැස්වීම වීමද විශේෂත්වයක්.
එමෙන් ම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ හෙට (13) දිනයේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිත බවයි.