විනයක් නැති හැටන් රියදුරෝ

හැටන් දුම්රිය ස්ථානයට යන මාර්ගයේ රථ වාහන නතර කිරිම තහනම් බවට දැන්විම් පුවරු සවි කර තිබුනද එම තහනම මායිම් නොකර සමහර රියදුරන් එම මාර්ගයේ රථ වාහන නතර කිරිමට පියවර ගෙන ඇත.


මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මෙම මාර්ගයේ රථ වාහන නතර කිරිම තහනම් බවට දැන්විම් දමා තිබුනද එම තහනම් පුවරු මායිම් නොකර සමහර රියදුරන් මෙම මාර්ගයේ රථ වාහන නතර කිරිම සිදු කරන බවත්ය.


එසේ රථ වාහන නතර කිරිම තහනම් ස්ථානවල මෙසේ රථ වාහන නතර කරනු ලබන පිරිස් සදහා නිසි ලෙස නිතිය ක්‍රියාත්මක නොවිමත් සමග මෙම නිති මෙම ප්‍රදේශය තුල හැල්ලුවට ලක් වන බවද එම පිරිස් පවසති.


මෙසේ රථ වාහන නතර කිරිම තහනම් බවට සදහන් කර ඇති ස්ථානවල රථ වාහන නතර කරන පිරිස් සදහා නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරිමට නොහැකි නම් එම නිතිය හැල්ලුවට නොකර එම දැන්විම් පුවරු ඉවත් කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version