විනෝද සමයෙන් කරළියට පැමිණි “බර්ටි ගුණතිලක” කලාකරුවාගේ 97 වන ජන්ම දිනය අදයි.

විනොදාස්වාද කැටිකර ගනිමින් ශ්‍රී ලාංකික රසික ප්‍රජාවගේ හදවත හාස්‍යයෙන් පිරවූ සැමුවෙල් රොද්‍රිගෝ, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක හා මර්සි එදිරිසිංහ යන ලංකා කලා ඉතිහාසයේ හාස්‍ය රසය උපදවන්නන් අතරින් කිසිදා නොමැකෙන කලාකරුවන් කිහිප දෙනෙකි. මොවුන් අතරින් අද වන විට ජීවත්ව සිටින්නේ බර්ටි ගුණතිලක කලාකරුවන් පමනක් වන අතර අද දිනට ඔහු සිය 97 වන ජන්ම දිනය සමරනු ලබයි.

මෙතුමා 1924 වර්ෂයේ උපත ලබා ඇති අතර චිත්‍රපට සංස්‌ථාවෙන් පවසන පරිදි දැනට ජීවත් වන සිනමා ලොවේ කලාකරුවන් අතර වයසින් වැඩිම කලාකරුවන් ලෙස මෙතුමන් හැඳින්විය හැකිය. මෙතුමා රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් ලෙස පෙම් මල් මාලා, පාලම යට, දේවියනි සත්‍ය සුරකින්න හා සොමි බෝයිස් යන නිර්මාණ දැක්විය හැකිය. මෙම චිත්‍රපට රසික හදවත් අදටත් ඇදබැඳ තබාගැනීමට සමත්ව තිබේ.

මොහු විසින්,

2000- කලා භූෂණ

2008-සූර්ය ලංකා සම්මානය

2013- දේශ නේත්‍ය

2014-රූපවාහිනී රාජ්‍ය සම්මානය

2017- කලාශූරී හා කලා කීර්ති ආදී සම්මාන රාශියකට පාත්‍රව ඇත.

මෙතුමන් සිය ජන්ම දිනය සමරණ අද දින මහා සංඝරත්නය වැඩම කර සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල් ගැට ගසා මොහුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර ඇත. අද වන විට මෙතුමා තම දියණිය සමග හුදකලා දිවියක් ගත කරමින් සිටියි.

රාවණ මාධ්‍ය ජාලයේ අප සියලුදෙනා ද ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන්දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කර සිටිනවා.

Exit mobile version