වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලදී.
කටයුතු එසේ සිදු වුවහොත් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට, බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කර තිබේ.
ස.ජ.බය ට පවතින්නේ මන්ත්‍රී ආසන හතළිහක් බැවින් මෙරට පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඊට වඩා වැඩි මන්ත්‍රී නියෝජනයක් පෙන්වා විපක්ෂයේ වාඩි විය හැකි බව විජිත හේරත් මහතා සදහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවට වෙනත් අගමැති වරයෙකු ඔහු පත්කිරීම මෙන්ම බැසිල් රාජපක්ෂ කණ්ඩායම විපක්ෂයේ වාඩි වීම යන කාරණා දෙකම විකෘතීන් බව විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබෙන අතර ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ මෙම කණ්ඩායම් දෙකම නියෝජනය කරන්නේ එකම අරමුණක් බවත් සදහන් කළේය.