විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමන බලපෑමක් ආවද ජී.එස්.පී.ප්ලස් සහනය ඉවත් නොකරන ලෙස ඉල්ලීමක් යුරෝපා සංගමයට සිදුකර ඇති බව පවසයි.
මෙරටට පැමිණි යුරෝපා සංවිධානයේ සාමාජිකයින් පිරිස විපක්ෂ නායකවරයා හමුවී කරන ලද සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර ඇත්තේ යුරෝපා සංවිධානයේ පිරිස මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසර දෙක තුළ ලංකාවේ නැති වී ගෙන යන සිවිල් අයිතිවාසිකම් ගැන සොයා බැලිමට බවයි.