ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා කිරීමේ ගරුත්වය තිබී, මේ වන විට හිරේ වැටුනා සේ හිර වී සිටින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද සමීපතයෙකු වන ප්‍රදීප් නිලංඟ දෑල විපක්ෂයේ පුද්ගලයන් සමග ප්‍රසිද්ධියේම එකතුවීමට පටන් ගෙන තිබේ. ඔහුගේ සමීපතයෙකු වන පාඨලී චම්පික රණවක මහතා පසු ගිය දිනක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනා කිරීමට ගිය අවස්ථාවේ ඒ සදහා සියලු පහසුකම් සපයා තිබුනේ නිලංඟ විසින් වන අතර ඔහුව රැගෙන ගියේ නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යකෂක විසිනි. එසේ සිදුකල චායාරූප කිහිපයක්ද, වීඩියෝ කිහිපයක්ද අප ආයතනය සතුව තිබේ. අද උදෑසනම මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි විපක්ෂ නායකවරයාගේ වීඩියෝ සහ චායාරූප කිහිපයක් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වෙත ලැබී තිබේ. ඒවා ඔවුන් අප වෙත ලබා දෙමින් පහත නිවේදනය නිකුත් කර තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංඟ දෑලගේ වංචා දූෂණ වලට එරෙහිව පවතින රජය හෝ විපක්ෂ නායකවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීමට හේතුව විය හැක්කේ, බුදු දහමේ උන්නතිය වෙනුවෙන් බෞද්ධ බැතිමතුන් පූජා කරන මුදල් අල්ලස් ලෙස ලබා දීම වියහැකි බව ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය පවසයි.
එම සංවිධානය නිවේදනය කරන්නේ, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සදහාද ශ්‍රී දළදා මාලිගාවේ මුදල් වියදම් කල බවට සාක්ෂි තම සංවිධානය සතුව මෙන්ම දේශ හිෙතෂි සංවිධාන වල මෙන්ම පුද්ගලයන් සතුව තිබෙන බවයි.
ශ්‍රී දළදා මාලිගාවේ සිදුව තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා සහ බුදු දහම විනාශ කිරීම උදෙසා සිදුකර තිබෙන අපරාධ පිළිබදවද විපක්ෂ නායකවරයා දැනුවත් කර තිබියදීත් “ හොරු සමග හිටගැනීම” තමන්ගේද අනාගත පැවැත්මට හානියක් වන බවද, අනාගත ජනාධිපති සිහිනයේ සිටින විපක්ෂ නායකවරයාට එය සදහටම සිහිනයක් පමණක් වියහැකි බවද එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කර සිටි.
මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලටම මේ ආකාරයෙන් නින්දා අපහාස විදින්නට සිදුව තිබෙන්නේද රටට මේ වන විට සිදුව තිබෙන විනාශයට වග කිව යුත්තේ ඔවුන්ම පමණක් නිසා නොවුවත්, ප්‍රදීප් නිලංඟ දෑල බුදු දහම විනාශ වන ලෙස, ශ්‍රී දළදා මාලිඟාව ව්‍යපාරික ස්ථානයක් කර ගනිමින් සිදු කර තිබෙන සියලුම වංචා දූෂණ යට ගැසීමට කටයුතු කල නිසා බවද, ඒවායේ සාපය දැන් ඔවුන්ට සොබා දහම මගින්ම ලබා දී තිබුනත්, විපක්ෂ නායකවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ අනෙකුත් මැති ඇමැතිවරුන්ටද මේවා නොතේරීම නිසා තවමත් ජනතාව ගොඩ නැගීම සදහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්ව තිබෙන බවද ඔවුන් පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල දැන් හිරවෙද්දී ඉදිරියට එනු ඇතයි සිතන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පාඨලී චම්පික රණවක මහතාද ඉතාම ලඟින් ඇසුරු කිරීමට ශ්‍රී දළදා මාලිඟාවේ සිවිල් පරිපලනය මෙන්ම නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යක්ෂකද කටයුතු කලේ මීට බොහෝ කාලයකට පෙර සිට බවද වැඩි දුරටත් සඳහන් කරන ඔවුන්, බුදු දහමට මෙන්ම දේවාල වලට අයත් මුදල් මෙන්ම දේපල විනාශ කිරීමට හෝ ඒවායෙහි පාලකයන්ගේ දූෂිත මුදල් තමන්ගේ දේශපාලන න්‍යායන් වෙනුවෙන් හෝ පුද්ගලික කටයුතු වෙනුවෙන් යොදවන්නේ නම් ඒවාට ලැබෙන පිළිතුරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලෙන්ම උදාහරණ ලෙස ලබා ගත හැකි බවද, මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල එම තත්වයට ඇද දැමීමට මූලිකව කටයුතු කලේද නිලංග දෑල වැනි අයම බවද, රාජපක්ෂලාට හොරුන් යයි බැන වදින සජිත් ප්‍රේමදාස මහතාද, මේ වාඩි වී සිටින්නේ තවත් රාජපක්ෂලාගේම හොරෙකු සමග බවද ඔවුන් සඳහන් කරයි.
එබැවින් සජිත් හෝ පාඨලී ජනාධිපති වන්නට සිහින මවන්නේ නම් ඊට පෙර මෙරට ගොඩ නගන්නට සැලසුම් කල යුත්තේ බුදු දහමට සිදු කර තිබෙන හානිය නැවත යතා තත්වයට පත් කිරීමත්, එම විනාශය සිදු කර තිබෙන නිලංඟ මෙන්ම අනෙකුත් බස්නායකවරුන්ටත්, බුදු දහමේ න්‍යායන්ට විරුද්දව කටයුතු කරන ඝනින්ටද දඩුවම් දීමේ හෝ ගෙදර යැවීමේ ක්රමයක්ද සකසමින් විය යුතු අතර එසේ නොමැතිව තව දුරටත් ආගමික හොරුන් සුරැකීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපති සටනට අවතීර්ණ වුවහොත් සිදුවන්නේ මීටත් වඩා විනාශයක් මෙන්ම දුටු තැන මිනිසුන්ගෙන් ගුටි කෑමට සිදුවීමක් බවද ලෙස ඔවුන් දීර්ඝ ලෙස සදහන් කර තිබේ.
රාවණා සටහන
ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී දළදා මාලිඟාව වන්දනා කිරීම මෙන්ම ප්‍රදීප් නිලංඟ සමග කතා බස් කිරීමට හැකිය. එය වරදක් නොවේ. නමුත් ඔහු හොරෙකු බව අදාළ සංවිධානය මෙන්ම විවිධ පුද්ගලයන්ද සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ. ඒ පිළිබඳව එම සංවිධානය මේ වන විට සමස්ත ලංකාව මෙන්ම ලෝකවාසි බොහෝ බෞද්ධ බැතිමතුන් දැනුවත් කර තිබේ. එවැනි අවස්තාවක විපක්ෂ නායකවරයා මෙන්ම අනෙකුත් දේශපාලක බැතිමතුන් ඔවුන් ඇසුරු කල යුත්තේ ඉතාම පරිස්සමිනි. එසේම මේ වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක කරවීමට මෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කිරීමද කල යුත්තේ රටේ දේශපාලන අධිකාරියයි. මේ වන තෙක්ම අවශ්‍ය දේ සිදු නොකිරීම යනු , ඊ ලග මැතිවරණයකදී ඔවුන් සියලුම දෙනා පරාජයට පත් වීම විය හැකිය.
එබැවින් වගකිව යුතු මාධ්‍ය අයතනයක් ලෙස ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේද දැනගැනීම පිණිස අප සඳහන් කරනුයේ, ඔබ තුමන්ලා දෙවියන්ට, බුදුන්ට පූජාකළ දේවල් නොකෑ යුතුය. එසේ කෑවොත් වමාරන්නට සිදුවන්නේ ද නොහිතන ලෙසයි. කල යුත්තේ බුදු දහම සුරැකීම සදහා මෙන්ම විනාශ කර තිබෙන පන්සල් සහ දේවාල නැවත ගොඩ නැගීම මෙන්ම, ප්‍රදීප් නිලංඟ දෑල මෙන්ම අනෙකුත් බස්නායක නිලමේවරුන්ගේ ද වංචා දූෂණ සෙවීමත්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිමටත් නිසි වැඩපිළිවෙලක් ජනගත කිරීමයි. එසේ නොමැති වුවහොත් ඉදිරි ජනාධිපති මැතිවරණයේ ජයග්‍රහණය ලබනුයේ කිසිවෙකුත් නොසිතු පුද්ගලයෙකු විය හැකිය. වර්තමාන තත්වයට වඩා දරුණු තත්වයක් , විරෝධයක් ගම් මට්ටමින්ම ගොඩනැගෙනු ඇති බවද අප වැඩි දුරටත් සඳහන් කරන්නෙමු