විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2022 වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේ දී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බවයි.

පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පෙන්වා දෙන ලදී.

එමෙන්ම බාහිර අයදුම්කරුවෙකු නම් විභාග දෙපාර්තමේන්තුවේ නිලවෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ ලේඛනය ප්‍රමාණවත් වන බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version