විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද (01) දින සිසුන් වෙත ලබාදෙන බවට විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබිණි.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ එක සහ දෙක කොටස් යළි ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Exit mobile version