විභාග නිරීක්ෂකවරයෙකු හදිසියේ ජීවිතක්ෂයට .

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී වත්තේගම බාලිකා විදුහලේ විභාග නිරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ගුරුවරයෙකු විභාගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝහල වෙත ඇතුළත් කර තිබේ. එලෙස රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .

මෙම ගුරුවරයාට හදිසියේ හටගත් හෘර්දයාබාධයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන 48 හැවිරිදි කේ.ජේ.සිල්වා නැමැත්තෙක් බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version