දකුණු පළාතේ පසුගිය දිනවලදී වෙඩි තබා සිදු කළ ඝාතන සිදුවීම්වලට අදාළව කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවක් වූ බවට අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසූ බව වාර්තා වේ.
පොලිස්පතිවරයා පෙරේදා (13) ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පසුගිය පෙබරවාරි 26 සහ මාර්තු 11 වැනිදා යම්කිසි පිරිසක් විසින් වෙඩි තබා පුද්ගලයන් 5දෙනෙකු ඝාතනය කෙරිණි.
එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ඊට අදාළව සිදු කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවයක් තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.