හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නිවාස ඇමතිව සිටි 2011 වර්ෂයේදී ඒ මහතාගේ කීමට, ඔහුගේ ප්‍රවර්ධනය මත දුමින්ද ලංකා ලියනගේ නමැති පුද්ගලයෙක්ගේ නිවාස ලබා ගැනීමට රට විරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් ප්‍රවර්ධනය කරමින් ඔවුන් ඇතුළු 1400 දෙනෙකුට සිදුව තිබෙන බිලියන ගණනාවක මුදල් වංචාවක් පිලිබඳව එලිදරව්වක් කරගැනීම ඊයේ සිදු වුවා. ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවකදී පැවති සාකච්චාවකදීය.
මෙහිදී විමල්වීරවංශ මහතා නිසා, ඔහුගේ ප්‍රවර්ධනය මත මෙම නිවාස මිලදී ගැනීම සදහා මුදල් යේද වූ බවත්, අදාළ පුද්ගලයා පිලිබඳව කිසිදු පොලිස් පරීක්ෂණයක් සිදු නොවන බවත්, අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පවා අදාළ වංචනික තැනැත්තා සිදු නොකරන බවද මෙහිදී වාර්තා විය.
කෙසේ වුවත් අපට දැන් ඉතිරිව තිබෙන්නේ වංචනිකයන්ගෙන් සහ දූෂිතයන්ගෙන් පිරුණු රාජ්‍යක් බැවින්, දිනපතාම විවිද වැඩසටහන් වලින් එළිදරව් වන්නේ මැති ඇමතිවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ , රාජ්‍ය නිලධාරීන්ගේ වංචා දූෂණ සහ මැති ඇමතිවරුන්ගේ නාමයන් විකුණා කටයුතු කරන ලද කූට දූශිත ව්‍යපාරිකයන්ගේ එලිදරව් පමණි. සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න.