වියලි කාලගුණය උදා වෙද්දී විදුලි බිල 50% කින් අඩු කර, ජනතාවට තාවකාලික චුන් එකක් දෙන්න සුදානමක්.

විදුලි බලමණ්ඩලය උද්ඝෝෂණය කිරීමත් සමගම මහජනතාව විදුලි බල අමාත්‍යවරයාට එරෙහිව මෙන්ම රජයට එරෙහිව නැගී සිටීමත් සමගම විදුලි ගාස්තුව 50% කින් පමණ අඩු කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

පසුගිය වර්ෂයේද මේ ආකාරයෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයෝ විරෝධතා ගෙන එන විට, මහජන මතය වෙනස් කර විදුලි බල මණ්ඩල සේවකයන්ට එරෙහිව මහජනතාව උසි ගැන්වීම උදෙසා විදුලි බිල අඩුකරන ලදී. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට මහජනතාව එරෙහි වීමත් සමග ඔවුන්ගේ සටන අත් හැරීමට ඔවුන්ට සිදු විය. ඉන් අනතුරුව නැවත වරක් විදුලි ගාස්තුව වැඩි කර ජනතාවට කොකා පෙන්නීමට විදුලි බලධාරීන් කටයුතු කළේය.

මේ වන විට විදුලි බල මණ්ඩලයේ සේවකයන් උද්ඝෝෂණය කරනුයේ නව විදුලි බල මණ්ඩල පනතකට එරෙහිවය. එයට එරෙහිව විරෝධතා වැඩි වෙමින් පැවතින අතර, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් එම පනතට එරෙහිව කාටයුතු කරමින් සිටින විට 50% කින් විදුලි බිල අඩුකිරිමට කටයුතු කරන බවට ප්‍රකාශ වී තිබේ.

මස කිහිපයක් පුරා ශ්‍රී ලංකාවට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන අතර ජලාශ පිටාර් ගලමින් තිබේ. එසේම තව නොබෝ දිනකින් එම තත්වය පහව ගොස් ජලාශවල ජලය අඩුවීම ආරම්භ වේ. ඉන් අනතුරුව මණ්ඩලයට අවශ්‍ය විදුලි උත්පාධනය පෞද්ගලික අංශවලින් ලබා ගැනීමට ඔවුන් කටයුතු කරන අතර , ඉන් අනතුරුව නැවත වරක් ජනතාවගේ බෙල්ලට තොන්ඩුව දැමීමට ඔවුන් කටයුතු කරනු ඇත.

ඒ අනුව හදිසියේම විදුලි බිල අඩුකිරීමේ තීරණය යට තිබෙන්නේ යම් දුෂිත අරමුණක් ඉටුකරගැනීමේ පාලක අවශ්‍යතාවයක් බව දක්නට තිබේ.

Exit mobile version