මෙම වර්ෂයේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය 25%කින් ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් බදුල්ල කුඹල්වෙල මිරිස් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ .
එතුමා පැවසුවේ ලංකාවට වාර්ෂිකව වියළි මිරිස් මෙට්‍රික් ටොන් 55,000 ක් අවශ්‍යව තිබුවද ඉන් මෙට්‍රික් ටොන් 50,000ක් විදේශ රටවලින් ආනයනය කරන බවයි. මෙරටින් වාර්ෂිකව නිෂ්පාදනය වන්නේ වියළි මිරිස් මෙට්‍රික් ටොන් 5000ක් පමණ වන නිසා වියළි මිරිස් නිෂ්පාදනය ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස කෘෂි අංශ ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සදහන් වේ .