අද (04) සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රැකියාව නැතිවේ යයි බියෙන් අරගලකරුවන්ට කරදර නොකරන් ලෙසත්, යම් හෙයකින් එසේ රැකියාව අහිමි වීමක් සිදු වුවහොත් අරගලය ජයග්‍රහණය කර මාස කිහිපයක් යන විට ඔවුන්ගේ රැකියා නැවත හිමිවන බවද ප්‍රකාශ කරන ලදී.
ඔහුගේ කතාව පහතින් ( විඩියෝවද පහතින්)
“රණවිරුවෝ මේ කාලේ ඉතා ම දුෂ්කර පීඩාකාරී රැකියාවක් කරනවා. වගකීමක් දරනවා. ඉතා ම දුෂ්කර විධියට තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රාජකාරිය ඉටු කරන්නේ. ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. ඒ වුණත් රණවිරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අරගලය කරන්නේ, මේ විරෝධය පාන්නේ, මේ වර්ජනය කරන්නේ, ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ම යි. ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ. ඔයගොල්ලන්ට බත සපයන ගොවියෝ. ඔයගොල්ලන්ගේ සහෝදර සහෝදරියෝ.
ඒක හන්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ම රැකියාව නැති වෙයි කියලා බයට හරි, රැකියාව බේරගන්න ඕන හින්දා හරි කිසි ම වෙලාවක මේ අරගල කරන අයට හිරිහැර කරන්න එපා. මොක ද අරගලය ජයග්‍රහණය කරනවා. රැකියා අහිමි කරන්න බැහැ ලක්ෂ ගණනකගේ. රණවිරුවෝ ඔක්කොගේ ම රැකියා අහිමි කරන්න ත් බැහැ. පොලිසියේ 60,000කගේ රැකියා අහිමි කරන්න ත් බැහැ.
අහිමි කළොත් මේ අරගලය ජයග්‍රහණය කළා ම නැවත ත් ඒ රැකියා මාස තුන හතරක් ඇතුළ ත අනිවාර්යයෙන් ම ලැබෙනවා ම යි. ඒක හින්දා ඒවා ගැන හිතන්නේ නැතුව, මේ අරගලකරුවන්ට සාධාරණයක් ඉටු වෙන විදියට රැකියාව කරන්න.“ ලෙස ඒ මහතා එහිදී ප්‍රකාශ කරන්න ලදී.
(1) LIVE 🔴 Parliament Live | පාර්ලිමේන්තු විවාදය සජීවීව | 2022-05-04 – YouTube