යාපනය නුවර ප්‍රධානය මාර්ගය අවහිර කරමින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති විරෝධතා පා ගමනක් අතරතුරදී විශ්වවිද්‍යාල සිසුන් 5ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනෙකි.
උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර විසඳුමක් නොලැබීම, මාධ්‍ය නිදහසට බාධා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා ඇතිවන පනත් සම්මත කර ගැනීම හා වර්තමානයේ ජනතාවට දරාගැනීමට නොහැකි ගැටළු වෙනුවෙන් විසදුම් නොලැබීම යන කරුණු මුල්කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වීය.
මෙම විරෝධතා පා ගමන සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායක එස්.ශ්‍රීධරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියේය.