විරෝධතාවය අතරේදී තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව ද කොළඹ ජාතික රෝහල සදහන් කර ඇත.
තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරීන් සහ කාන්තාවන් තිදෙනෙක් වන බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් තිදෙනෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා කොලඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.