රටේ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද(10) මධ්‍යම රාත්‍රියේ සිට මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් අවම කිරීමට තීරණය කෙරේ.
ඒ අනුව විවාහ උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා සීමා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට පෙර පැවති සීමාවන් ක්‍රියාත්මක කරන ලද්දේ උත්සව ශාලාවක් තුළ පවත්නා ආසන සංඛ්‍යාවට අනුව වූ අතර, එය ශාලාවේ ආසන 500 ට වැඩි නම් 150 ක් ලෙස ද ආසන 500 ට අඩු නම් 100 ලෙස ද විය.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ නව තත්ත්වය හමුවේ නැවත වරක් කොවිඩ් පාලන උපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.
එලෙසම බස්නාහිර පළාත තුළ වයස අවු.60 ට වැඩි විවිධ රෝගාබාධයන්ගෙන් පෙලෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණ වැඩසටහන් හෙට (11) දිනයේ දී ගම්පහ මහා රෝහලේ,කළුතර මහා රෝහලේ හා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සිදු කරන බව යුද හමුදාපතිවරයා පැනවසීය.