විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් නෑ. ලංකාවේ හතර දිග් බාගයේ බැංකු ලඟ විශ්‍රාමිකයන්.

අද 2023 වර්ෂයේ ජනවාරි 10 වැනි දිනයි. සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් දිනය අදයි. අපට අද උදෑසනම පැමිණි දුරකථන ඇමතුමෙන් කියා උනේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප් බැංකුවට යොදා නැති බවයි. ඉන් පසුව අපට අතව දුරටත් දුරකථන ඇමතුම් ලැබුනේ විවිධ ප්‍රදේශ වලිනි. ඒ අනුව රත්නපුර, ගාල්ල මහනුවර ආදී ප්‍රදේශ කිහිපයකම විශ්‍රාමිකයන් මේ වන විටත් බැංකු ලගට වී සිටිති. නමුත් කුරුණෑගල ප්‍රදේශයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලැබී තිබේ.

මේ පිලිබදව විමසීම සදහා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට දැඩි උත්සාහයක් ගත නමුත් එය ව්‍යර්තව ගියේය. ඉන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපර්තමේන්තුවේ දුරකථන අංක ගණනාවකටම ඇමතුම් ලබා ගත නමුත් එම කිසිම දුරකතනයකට ප්‍රතිචාර දැක්වුයේ නැත. පරිඝණක තාක්ෂනය පැමිණීමට පෙර මුදල් ලබා දීමේ ක්‍රමය වෙනස් විය. එසේම අද දහවල් වන විට හෝ මුදල් ලබා දීමට කාලය තිබේ. අදත් මුදල් නොලැබුණහොත් එය දැවැන්ත ගැටලුවකට මෙන්ම අමුතුම තාලයේ අරගලයක් නිර්මාණය වනු ඇත.

බොහෝ දෙනෙකු බල පෙරේතකමට දගලන්නේ මෙවැනි ප්‍රශ්නවත් විසදීමට අවකාශයක් දෙස නොබලමිනි.එක්කෝ මෙය කුමන්ත්‍රණයකි. එසේ නොමැති නම් සැබෑ ප්‍රශ්න වසංකරමින් සිටින කූට ප්‍රයන්තයක පිපිරිමකි. එසේත් නොමැති නම් රට කරන්නේ අමාරුවෙන් බව පෙන්වීමට කරන ලද ඉඟියක්ද විය හැකිය. එසේත් නොමැති නම් බැංකු පද්ධතියේ යම් දෝෂයක්ද විය හැකිය . නමුත් බැංකු වලින් පවසා තිබෙන්නේ බැංකු වල ප්‍රශ්නයක් නොවන බවයි.

Exit mobile version