විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ම සැකසූ රටේ පරපුරට එරෙහිව පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨාධිපතිගෙන් සිසුන්ට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්.

රටක් දියුණුවීමට නම් නිසි අධ්‍යාපනයක් තිබිය යුතුය. නිසි අධ්‍යාපනය ලබා දීමට ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය දර්ශනය දිය යුත්තේ ආචාර්ය මහාචාර්ය වරුන් විසිනි. ජාතික අධ්‍යාපන ආයතන තිබෙන්නේ ඒ වෙනුවෙනි. මව් භාෂාව විනාශකරමින් කිසිවක් නොතේරෙන ජාතියක් බිහිකරමින් දූෂිත අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ ප්‍රතිපලයක් ලෙස දැන් අපේ රටේ තරුණ පරපුර රස්තියාදුකාරයන් බවට පත්ව තිබේ. නොතේරෙන භාෂාවකින් අධ්‍යාපනය ලබා දී කටපාඩම් කරන ජාතියක් බිහි කිරීමේ දර්ශනය සකසා සැබෑ පැතිකඩයන් නොපෙනෙන ජාතියක් බිහිවන්නේ අධ්‍යාපන බලධාරීන්ගේ වරදිනි. එම වරද තරුණයන් පිට පටවා පලක් නැත.

උපාධිය අරගෙන ඇවිත් දූෂිත වැඩකරන ගුරුවරුන් 70% ක් වත් සිටිය හැකි බවට තිබෙන හොඳම සාක්ෂිය නම් මේ පහත සදහන් විඩියෝවය. ඒ 2021 වර්ෂයේ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ගුරුවරුන්ගේ සුහද හමුවය. එය පවත්වා තිබෙන්නේ රත්නපුර කේතුමතී උත්සව ශාලාවේය. මේ විඩියෝවට අනුව දකින්නට තිබෙන්නේ ගුරුවරුන් තරඟයට අරක්කු බොන අයුරුය. උපාධියෙන් පසුව පාසල්වල ඉගැන්වීමට පෙර ගුරු පුහුණුවක් ලබිය් යුතුය. ගුරු පුහුණුව ලබන විද්‍යාපීඨ ගුරුවරුන් පවා ගුරුකමට එරෙහිව වැඩ කිරීමෙන් අපට පෙනෙන්නට තිබෙන්නේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම වැරදි බවය. එසේ නම් එවාට වගකිව යුත්තේ වැරදි තීරණගෙන දරුවන්ට නොතේරෙන භාෂාවකින් උසස් අධ්‍යාපනය ලබා දීමට ගත් තීරණය තුලින් රටට බිහිව තිබෙන්නේ මන්ධබුද්ධික පරපුරකි.

අධ්‍යාපන බලධාරීන්ගේ එම තීරණ නිසා බිහිව තිබෙන පරපුරක් සිටින විශ්වවිදයාලයක් වන   පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් මරණ තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (ඔක්. 6) යළි පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව වාර්තා වේ. කෙසේ වුවත් මෙම තත්ත්වයන් නැතිකිරීමේ ක්‍රියාවලියන් ඇති කිරීමට කටයුතුකළ යුතු උසස් අධ්‍යාපන ගුරුවන්ට එය නැතිකිරීමේ ක්‍රියාවලියක් ඇතිකිරීමට නොහැකි වීමෙන්ම පෙනී යන්නේ තව දුරටත් මෙරට විනාශවීම සිදුවන බවයි.

Exit mobile version