විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේ දී විවෘත කිරීමට පියවර ගෙන ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කර අත්තේ අද (22) පෙරවරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන් අතර පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි.
මේ අනුව සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය පරිදි සැප්තැම්බර් මස අග වන විට දි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
සම්පත් අමරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කර අත්තේ මේ වන විටත් ඇතැම් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සහ විභාග යනාදිය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
අද පැවැති සාකච්ඡාවේදී දේශනවලට සහභාගීවීමට අපහසුතා ඇති සිසුන්ට අන්තර්ජාල විඩියෝ තාක්ෂණය තුළින් එම දේශනයන්ට සවන්දීමට අවස්ථා ලබාදීමටත් තීරණය කර ඇත.