විශ්වවිද්‍යාල ආරම්භය පිළිබඳ තීරණය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන්නේ අද (26) දිනෙන් පසුව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට උපකුලපතිවරුන්ට අවසර ලබා දී ඇති බවයි.

මේ වන විට විශ්වවිද්‍යාල කිහිපයකම ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ.

එසේ යොදාගෙන ඇති ගොඩනැගිලි නිදහස් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Exit mobile version