විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

ඉදිරි සතියේ දී විශ්ව විද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වන විටත් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන අවසන් බැවින් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමුව ඇත.

එමෙන් ම වැඩි අවධානයක් ලබා දී ඇත්තේ අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ප්‍රථමයෙන් ආරම්භ කිරීම පිළිබඳව වන අතර මේ වන තෙක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන නොමැති සිසුන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ද සෞඛ්‍ය අංශ සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Exit mobile version