විශ්වවිද්‍යාල කොමිසම පරිපාලනමය සහ ප්‍රතිපාදනමය මැදිහත්වීමට මුල්විය යුතුයි – කෝප් කමිටුව

කෝප් කමිටුව සඳහන් කරන්නේ ශාස්ත්‍රීය කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයන්හි ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පරිපාලනමය සහ ප්‍රතිපාදනමය මැදිහත්වීමක් සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මුල්විය යුතු බවයි.

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන අංශය ද පරිපාලන රෙගුලාසි සහ නීති රිතිවලට අනුගතව කටයුතු කළ යුතු බව ද කෝප් කමිටුව සඳහන් කර ඇත.

එමෙන් ම වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් සිය අභිමතය පරිදි බඳවා ගැනීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එය කිසිසේත් සිදු නොවිය යුත්තක් බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙහි දී පෙන්වා දී ඇත.

Exit mobile version