එළඹෙන 11 වනදා සිට සරසවි සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබා දීම විශ්වවිද්‍යාල තුළදීම සිදු කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
තමන් කුමන විශ්වවිද්‍යාලයක සිටියත් තමන් දැන් සිටින පළාතට අයත් විශ්වවිද්‍යාලයට ගොස් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින අතර එලෙස ලබා දෙන්නේ සයිනොෆාම් එන්නත බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
එමෙන් ම වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ එක්ව සාකච්ඡා කර ක්‍රියාත්මක කරන බවයි.