විශ්වවිද්‍යාල සිසුන් මොඩර්නා එන්නත ඉල්ලා එන්නත්කරණ ස්ථානය නොසන්සුන් කරයි

අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී නොසන්සුන් තත්ත්වයක් පැන නැගී ඇති බවට වාර්තා වී ඇති අතර එයට හේතු වී ඇත්තේ මොඩර්නා එන්නත ලබා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසකි.

සිය කොවිඩ් මර්දන එන්නත වශයෙන් මොඩර්නා එන්නත ලබා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන්ට එම එන්නත එම මධයස්ථානයෙන් ලබා නොදෙන බව යුද හමුදා රෝහලේ නිලධාරියෙකු විසින් පැවසීමත් සමග මෙම නොසන්සුන්තාවය පැනනැගී ඇත.

විශ්ව විද්‍යාල කිහිපයකම සිසුන් එම ස්ථානයට අද පැමිණ සිටි අතර ඔවුන් කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ දැනුම් දීමක සඳහන්ව තිබී ඇත්තේ අද සහ හෙට (26) යන දෙදින තුළ මොඩර්නා එන්නත යුද හමුදා රෝහලේ දී ලබාගත හැකි බව ද ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එන්නත ලබා ගත හැකියාව ඇති බව ද  කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරියගේ නම සටහන් කරමින් නිකුත් කර තිබූ අදාල ලිපියේ සටහන්ව තිබී ඇත.

එහිදී පැමිණ සිටි සිසුන් විසින් ප්‍රශ්න කර ඇත්තේ ඊයේ දිනයේ දී මොඩර්නා එන්නත ලබා දී ඇත්තේ කුමණ පදනමක් මතද යන්න වන අතර එහිදී යුද හමුදා නිලධාරියෙක් පවසා ඇත්තේ ගුවන් ගමන් බලපත්‍ර තිබූ දරුවන්ට එසේ එන්නත ලබා දුන් බවයි.

Exit mobile version