විශ්ව බුද්ධ තවදුරටත් රිමාන්ඩ් .

විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.

ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

සමාජ මාධ්‍යය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධ ව චෝදනා එල්ල වී තිබේ.

මීට පෙර මොහුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කර තිබුණ ද අධිකරණයේ අවවාද නොතකමින් නැවතත් බුදු දහමට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Exit mobile version