විශ්ව බුද්ධ යළි රිමාන්ඩ් .

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බව වාර්තා වේ.

සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කෙරිණි.

Exit mobile version