විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාදී විශ්වවිද්‍යාල විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.
මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශ හා ඒකාබද්ධව මේ සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම අදහස් දක්වා ඇත්තේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ය.
ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයන හා අනධ්‍යයන අංශයන්ගේ අවුරුදු 30ට වැඩි කාර්ය මණ්ඩල සඳහා එන්නත් දෙකම දී අවසන් බවයි.
මෙරට තුළ පවත්නා සියලුම විශ්වවිද්‍යාලවල වයස අවුරුදු 30 අඩු අධ්‍යයන ,අනධ්‍යන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් එන්නත්කරණය සඳහා අදාළ දිස්ත්‍රික්කවල ආසන්නතම සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණ මගින් කඩිනමින් පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් මහාචාර්යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේ ම මේ වන විටත් විශ්වවිද්‍යාල කොමිෂන් සභා කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 30ට වැඩි හා අඩු දෙපිරිසටම එන්නත් මත්රා දෙකම ලබා දී ඇත.
විශ්වවිද්‍යාලයට ඉදිරි වර්ෂය සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීමේ කටයුතු මේ වන විටත් සිදුවන බවත් මේ සඳහා කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම අත්‍යවශ්‍ය වන බැවින් විශේෂ අවසරයකින් මෙසේ කඩිනමින් එන්නත්කරණය සිදුකළ බවයි මාහාචාර්යවරයා සඳහන් කළේ.