විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින සිසුන්ගේ දිස්ත්‍රික් ප්‍රතිශතයන් නිකුත් වෙයි.

2020 උසස් පෙළ විභාගය සඳහා නව සහ පැරණි විෂය නිර්දේශයන් ඔස්සේ පෙනී සිටි සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා තෝරා ගන්නා දිස්ත්‍රික් ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර ඇත.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z-score ලකුණු ලබන මස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ.

මේ අනුව දිස්ත්‍රික් ප්‍රතිශතයන් පිළිබඳ වැඩිදුර තොරතුරු  http://www.ugc.ac.lk/ වෙබ් අඩවිය තුළින් ලබාගැනීමේ හැකියාව ඇත.

Exit mobile version