විශ්‍රාම යන වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දී සම්මතයි

පෞද්ගලික අංශයේ සේවයේ නියුත්තන් සදහා විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත.

2021.03.23 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී පැවති අවම වයස් සීමාව සංශෝධනය කිරීම සදහා පනත් කෙටුම්පත සකස්  කිරීමට අනුමැතිය ලැබී ඇත.

පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අදාළ කෙටුම්පතට අනුව මේ වන විට වයස අවුරුදු 52 එලඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරෙන අතර, පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩකර උපරිම වශයෙන් 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් කර ඇත.

Exit mobile version