අධ්‍යාපනය යනු කුමක්දැයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් බහුතරයක් නොදන්නා බව ඔවුන්ගේ තීරණ වලින්ම දක්නට තිබේ. නමුත් පාසල් වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ගෙන්ද බහුතරයක් ද එය නොදන්නා බව පාසල් ආශ්‍රිතව අපට ලැබෙන තොරතුරු ඔස්සේ දක්නට තිබේ.
අධ්‍යාපනය යන වචනය සෑදී ඇත්තේ educo යන ලතින් භාෂාවේ වචනයෙන් බිදී ආ වචනයකිනි. පසු එය education යන වචනයට පැමිණ ඇති අතර සංස්කෘත ඉංග්රිෂි ශබ්දකෝෂයේ සදහන් වන්නේ උපදෙස් දීම සහ ඉගැන්වීම වන අතර අග්රවල් නමැති විද්‍යාඥයාට අනුව අධ්‍යාපනය පිළිබඳව ප්‍රධාන කරුණු හතරක් යටතේ තව දුරටත් විග්රහ කරයි. ඒවා නම් ඉගෙනීමේ ක්‍රියාවලිය, මගපෙන්වීම හෝ එලියට ගැනීම, ඇති දැඩි කිරීම සහ පුහුණු කිරීම, ඉදිරියට යොමු කිරීම සහ සාරය එලියට ගැනීමයි. ( Education, Educere, Educare, Educo)
අධ්‍යාපනය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් පළකර ඇත. එම අදහස් අතර සමාජය තුළ සිදුවන ක්‍රියාවලියක් වශයෙන් මෙම අධ්‍යාපනය දෙස විද්‍යාත්මකව දෘෂ්ටිකෝණයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමුකරන ලද දර්ශනිකයා වන්නේ ඩුවී ය. (Duwey). ඩුවී ගෙන් පසු සමාජ විද්‍යාත්මක එළඹුමකින් අධ්‍යාපනය දෙස බලා එහි ඇති වැදගත්කම ප්‍රකාශ කළ දාර්ශනිකයා වන්නේ එමිල් ඩුර්කයිම් (Emile Durkheim) හා මැක්ස් වෙබර් (Max Weber).
කෙසේ වෙතත් ඉහත ආකාරයට ඉගැන්වීමට නම් 1943 දී මැස්ලොව් විසින් හදුන්වා දුන් විද්‍යාත්මකව න්‍යායක් ලෙස පිළිගෙන තිබෙන “අවශ්‍යතා ධුරාවලිය” සම්පූර්ණ කර තිබිය යුතුය. මානව අභිප්‍රේරණයේ ඉහලිම තිබෙන මෙම අවශ්‍යතා ධුරාවලිය යනු සමාජ විද්‍යා පර්යේෂණ,කළමනාකරණ පුහුණුව, ද්විතීයික සහ උසස් මනෝ විද්‍යාත්මක උපදේශ සදහා භාවිතාකරන ජනප්‍රියතම රාමුවකි. මේ දේවල් නොදන්නා හෝ රටේ ආකාරයට සියල්ලම අමතක කර තමන්ගේ ක්‍රමයට වැඩකරන අධ්‍යාපන පරිපාලන සේවයක්, ගුරුවන් ඇතුළු අධ්‍යාපනඥයන් ලෙස හංවඩු ගහගත් පරපුරකින් දෙමාපියන්ට මෙන්ම සිසුන්ටද සිදුවන හානිය සුලු පටු නොවේ. එවන් පාලනයක් පිලිබදව අපට අද (21) වාර්තා වන්නේ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.
කොළඹ විශාඛා විද්‍යාලය අමාත්‍යංශ නියමයන් පවා නොතකමින් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට කටයුතු කරමින් සිටීම නිසා විද්‍යාලීය සිසුවියන් මහත් ආතතියකට පත්ව සිටින බව වාර්තා වේ .
නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟ ඇතුළුව විෂය බාහිර ක්‍රියාකාරකම් පැවැත්විය යුතු වන්නේ පළමු පාසල් වාරය තුලය. විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වැළැක්වීම එහි අරමුනයි. එහෙත් රටේ පැවති ඉන්ධන හිඟය නිසා මේ වසරේ පළමු පාසල් වාරය ආරම්භ කිරීමට සිදු වූයේ අලුත් අවරුදු නිවාඩුවෙන්ද පසුවය. එහෙත් ඉන්ධන හිඟය උග්‍ර වීම නිසා යලිත් වරක් පාසල් වසා දැමීමට සිදුවිය. එබැවින් බොහෝ පාසල්වලට නියමිත කාලය තුල නිවාසාන්තර ක්‍රීඩා තරග අවසන් කිරීමට හැකි වූයේ නැත. මේ නිසා නිවාසාන්තර ක්‍රීඩා තරග අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැප්තම්බර් 07දා තෙක් කල් ලබා දී තිබුණි. එම කාල සීමාව ප්‍රමාණවත් නොවූ පාසල් උත්සව නොපවත්වා එතෙක් පවත්වා තිබූ තරග වලින් නිවාසාන්තර තරගාවලිය අවසන් කිරීමට පියවර ගත්තේය.
කොළඹ විශාඛා විද්‍යාලයද ඒ අනුව කටයුතු කිරීමට මුලින් තීරණය කර තිබුණි. එහෙත් පසුව එම තීරණය වෙනස් කරමින් නිවාසාන්තර ක්‍රීඩා තරගාවලිය වෙනසකින් තොරව උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර ඇත්තේ මේ මස 22 දාය . එනම් හෙටය. ඒ අනුව දිනපතා පුහණු වීම පැවැත්වීම නිසා ශිෂ්‍යාවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට දැඩි ලෙස පාඩු සිදු වීතිබේ. එසේ තිබියදී මේ වනවිට නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ලබන මස 10 දා දක්වා කල් දැමීමට විද්‍යාලයීය පාලනාධිකාරිය නැවත තීරණය කර තිබේ. එමනිසා තව දුරටත් පාසල් අධ්‍යයන කටයුතු පමණක් නොව උපකාරක පන්ති ද මග හැරීම නිසා සිසුවියන් බලවත් පීඩනයකට ලක්ව සිටිති.
විශේෂයෙන්ම මෙම තත්වය බලපෑ ඇත්තේ මෙම වසරේ හා ලබන වසරේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට පෙනී සිටින සිසුවියන්ය. ක්‍රීඩා තරඟ පැවැත්වීම පාසලේ තීරණයක් වන නමුත් විෂය භාරගුරුවරුන්ගේ පීඩනයට ලක්වීමටද තමන්ට සිදුව තිබෙන බව සිසුවියෝ පවසති. මෙම තත්වය මත ඇතැම් සිසුවියන් වෛද්‍ය ප්‍රති කාර ගතයුතු තරමට මානසික අතතියකට ලක්ව සිටිති.මේ නිසා නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලිය දැනට අවසන්ව ඇති තරඟවලින් අවසන් කරන ලෙස සිසුවියන් මෙන්ම දෙමාපියන්ද ඉල්ලා ඇතත් එම ඉල්ලීම් සැලකිල්ලට ගෙන නැති බවද වාර්තා වේ.
විශේෂයෙන්ම මේ ආකාරයෙන් පීඩාකාරී ලෙස සියල්ලම විඳ දරාගැනීමට පුහුණු කරන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආධුනික සහ විවිධ පුහුණුවීම් වලදීය. ඔවුන් එසේ කටයුතු කරනුයේ එම පුහුණුවෙන් පසුව ඔවුන්ගේ රැකියාව වන්නේද එය බැවිනි. නමුත් මේ සිසුවියන් දරුවන් බවවත් විදුහල්පතිනියට හෝ අනෙකුත් පාලක පන්තියට නොත්රෙන්නේ නම් එයින් පෙනෙන්නේ ඔවුන් නූගතුන් බවය.