විශාල් මහනුවර පීඩා විදින මිනිස්සු

ගම්පොල ජනතාව පීඩාවට ලක්කරමින් මහා ඉඩම් මංකොල්ලයක් සිදුවන බව ගම්පොලින් වාර්තා වේ. සිද්දියට අනුව ගම්පොල පිහිටි සින්නකර ඉඩම් හිමිකරුවන්ට අයත් ගම්පොල නගරයේ තිබෙන එකම කුඹුරු යාය බලහත්කාරයෙන් රැගෙන රජයේ ඉදිකිරීම් සිදුකරන බවද එම ඉඩම් හිමියන්ට කිසිදු ගෙවීමක්වත් කර නැති බවද වාර්තා වේ.

මාධ්‍ය සාකච්ඡාව

මෙම කුඹුරු ඉඩම් ගොඩ කිරීමෙන් වර්ෂා සමයට ගම්පොල නගරය ජලයෙන් යට වන බවද මධ්‍යම පරිසර එකමුතුවේ කැදවුම්කරු එස් පි ලියනාරච්චි මහතා සදහන් කරයි. මාධ්‍ය හමුවක් කැදවමින් මෙම කරුණු අනාවරණය කල ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ රාජ්‍ය නිලදාරීන් අන්තනෝමතික ලෙස කටයතු කරමින් මෙම වටිනා පරිසර පද්ධතිය විනාශ කරන බවයි. මේ මහා විනාශය සහ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කර තිබෙන්නේ එම පළාතේ ප්‍රාදේශීය ලේකම් බවත් , මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක ද මේ සදහා වගකිව යුතු බවද වැඩි දුරටත් සදහන් කරන ලදී. මේ වෙල්යාය ආරක්ෂා කරගැනීමේ කටයුත්තට එරෙහිව දිගින් දිගටම කටයුතු කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.

මීට අදාල පැරණි මාධ්‍ය හමුව මෙතනින්

https://www.ravanalankanews.lk/7930/01/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%ad/26/13/

Exit mobile version