සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් ආර්.එම් රංජිත් බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ රට පුරා සිදුකරන සමීක්ෂණ මඟින් සමාජ සුබසාධන ප්රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් ඇති පුද්ගලයින් හා පවුල් සංඛ්‍යාව කපා හැරීමට රජය පියවර ගනිමින් සිටින බවත් සංවර්ධන නිලධාරීන් යොදවා සුදුසුකම් ඇති පුද්ගලයන් තොරනවාය කියා පවසමින් රජය විසින් සමීක්ෂණයක් සිදුකරන බවයි.
ඒ මහතා වැඩි දුරටත් කරුණු දක්වමින් පවසා ඇත්තේ
“සමාජ සුභසාධන මණ්ඩලයේ සභාපතිවරයා, අපිත් එක්ක කරපු සාකච්ඡාවේ දී හරි පැහැදිලිව ඉදිරිපත් කළා ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ සුබ සාධන විශාල ප්‍රමාණයක් කපා හරින්න කියලා. අපේ ජනතාවට දැනට ලබාදෙමින් තිබෙන විශේෂයෙන්ම සමෘද්ධි සහනාධාරය, වැඩිහිටි දීමනාව, පිළිකා දීමනාව වැනි සමාජ ප්රතිලාභ එහෙම නැත්නම් සමාජ සුබ සාධන දීමනා ඒ සියල්ල ලෝක බැංකු උපදෙස් පිට කපාහැරීමට තමා මේ සුදානම් වෙන්නේ. නමුත් මේක අර්ථ කථනය කරන්නේ සමාජ ප්රතිලාභ ලබාදෙන විදියට. අනිවාර්යයෙන්ම මේ සමීක්ෂණය කරලා ඉවර වුණාට පස්සේ විශාල ප්රතිලාභ කප්පාදුවක් මේ රට තුළ සිදුවෙනවා. එය 70% – 80%ක් විය හැකිය.” ලෙස බව වාර්තා වේ.