විශේෂ කාර්ය බලකාය යනු ශ්‍රී ලංකාවේ ස්ථාපිත සුවිශේෂීම ආරක්ෂක අංශයකි. එය පොලිස් කමාන්ඩෝ බලකායක් හා සමාන කිසිවකටත් නොසැලෙන යුත් විශේෂ පුහුනුවක් ඇති වචන වලින් ලිය නිමකළ නොහැකි ආයතනයක් බව අප නිරන්තරයෙන්ම සටහන් කරන අතර පැවති වාර්ගික යුද්ධයේදී ඔවුන් රට වෙනුවෙන් සිදුකල මෙහෙය ඉතිහාසයට එකතුව තිබේ. එවන් ආයතනයක සිටින දූෂිත, නීතිවිරෝදී මෙන්ම අසීලාචාර ක්‍රියා සිදුකරනු ලබන පුද්ගලයන් 2% ක් පමණ නිසා එම ආයතනය විනාශ වන්න නම් අප එයට ඉඩ නොදිය යුතුය. ආරක්ෂක අංශවලට පමණක් නොව සියලුම රාජ්‍ය ආයතවල දූෂණයට සහ භීෂණයට එරෙහිව අපගේ පෑන සහ වචන හසුරුවන්නේ අනාගත පරපුරක් වෙනුවෙනි.
“සමාජයේ මුරබල්ලා” යයි ලෝකප්‍රකට ව්‍යවහාරය භාවිතා කරන්නේ මාධ්‍යවේදීන්ටය. මාධ්‍යවේදීන් තර්ජයනට ලක්වන්නේද එම නිසාමය. කොපමණ තර්ජන පැමිණියත්, මරා දැමුනත් මාධ්‍යකරණය මෙන්ම නිර්භීත මාධ්‍යවේදීන් බිහිවීම නොනවති. නමුත් මාධ්‍යවේදය නූගත් රාජ්‍ය ආයතනවල මාධ්‍ය අංශවල සේවය කරන බොහෝ දෙනෙකු නිසා මාධ්‍යවේදීන්ට විවිධ කරදරවලට මුහුණ දීමට සිදු වේ. අප මීට දින කිහිපයකට පෙර “ විශේෂ කාර්ය බලකායට දෙන තොරතුරු අපරාධකරුවන් අතට යන හැටි” මැයෙන් පුවතක් පළකරමින් ලබා ගත් හඬ පටිගත කිරීම් ගණනාවකින් එකක් සමාජයට මුදාහරින ලදී. ඉන් කුපිත වූ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ පුතාට තර්ජනය කල “කුමාර” නැමති පුද්ගලයෙකු අප වාර්තාකරණ පුවත් වැරදි බවට වීඩියෝවක් නිකුත් කර තිබේ. එම වීඩියෝවට එරෙහිව “ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” හෙට කොළඹදී මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබේ. එහිදී කුමාර නමැති පුද්ගලයාගේ වීඩියෝවට පිළිතුරු ලැබීමට නියමිත බව සංවිධානයේ සභාපතිවරයා අප වෙත දන්වා තිබේ. එසේම එසේ මාධ්‍ය සාකච්චාවක් කැඳවා කරුණු ඉදිරිපත් කිරීමට සිදුවන ලෙස කුමාර නමැති පුද්ගලයාට විශේෂ කාර්ය බලකායේ තොරතුරු ලබා දීම තුලින්ද වැනසෙන්නේ මෙම ආයතනයමය.
කෙසේ වෙතත් ඔහුගේ ඔහුගේ එම වීඩියෝවෙන් පසු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ හඬ පට විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය අංශය විසින් සමාජයට මුදාහැර තිබෙන තොරතුරක් ලැබුණු අතර ඒ පිලිබඳව සම්පූර්ණ තොරතුරු අද දහවල් වන විට අප ආයතනය වෙත ලැබී තිබුණි.
විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති බව කියවෙන උප පොලිස් පරීක්ෂක පිටගම්පොල එහි සේවයේ නියුතු සැරයන් ප්‍රියන්ත යන මහත්වරුන් දෙදෙනා එසේ එම හඬ පටිගත කිරීම් සමාජයට මුදා හැර තිබෙන බවට මාධ්‍යවේදියෙකු විසින් 2022 . 09. 23 දින CIB (I) 300/151 අංකය යටතේ කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිලිකර තිබේ. මේ වන විට ඔහුට විවිද තර්ජන ඇතිව තිබෙන බවද කිය වේ. අප මේ පිලිබදව විමසීම සදහා විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති වන උප පොලිස් පරීක්ෂක පිටගම්පොල මහතා වෙත අද දිනයේ අවස්ථා තුනක් දුරකථන ඇමතුම් ලබා දුන් නමුත් ඔහු ජංගම දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත. ඒත් සමගම දසත ලංකා වෙබ් අඩවියේ මාද්යවේදීන්ගේ හඬ පටිගත කිරීමක්ද මුදාහැර තිබේ. එම හඬ පටයද ඇතුළුව හඬ පට දෙකම මේ වන විට අප වෙත ලැබී තිබේ.
තම නිල ඇදුම යනු ජනතාවගේ මුදල්ය. නිල ඇදුමට ඔවුන් රජයට ගෙවන්නේ නැත. රජය විසින් නිල ඇදුමක් අන්දවා වැටුපක්ද ගෙවන්නේ රාජ්‍ය නොහොත් ජනතාවගේ ආරක්ෂකයන් වීමටය. ඔවුන්ට ලස්සනට සිටීමට ඇදුමක් ලබා දී, ගරුත්වයක්ද ලබා දී සමාජයේ වැදගත් පුරවැසියෙක් වීමට අවශ්‍ය සියලුම දේවල් ලබා දී තිබෙන්නේ මෙරට බදු ගෙවන ජනතාවයි. නමුත් ජනතාවගේ ආරක්ෂකයන් විය යුතු මූලස්ථානයේ ප්‍රධානීන් එය නිසි ලෙස සුරකින්නේ නැතිනම්, එය විනාශ කරන 2% ක් පමණ වන විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අවශ්‍ය ලෙස මෙම වටිනා ආයතනයේ වටිනා නිලධාරීන් 98% ක් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.