විශේෂ කාර්ය බලකාය (STF) පිහිටුවන්නේ 1983 දීය. එම කාර්ය බලකාය නිසි ලෙස ස්ථාපනය වී තිබු සියලුම ස්ථානවලදී ශ්‍රී ලංකාවේ ඒකීය භාවය වෙනුවෙන් දැවැන්ත කාර්ය භාරයක් ඉටුකරන ලදී. 1987 සිට පැවති සිවිල් යුධ සමයේ මඩකලපුවේ කිරාන් සිට පොතුවිල් දක්වා ප්‍රදේශය පාලනය කලේ විශේෂ කාර්ය බලකායයි. 2002 සටන් විරාම ගිවිසුම බිඳ වැටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රථම මෙහෙයුම වුයේ “ ජය නියතයි” මෙහෙයුමයි. ඒ 2007 ජනවාරි 04 දින ආරම්භ වුයේ කංචිකුඩිච්චාරු සහ තොප්පිගල දකුණු ප්‍රදේශවල වලයි. එයට හේතුව වුයේ LTTE ත්රස්තවාදීන් විසින් අම්පාර බක්මිටියාවේදී 2006 දෙසැම්බර් මාසයේදී පන්ති අවසන්ව නිවෙස් බලා යමින් සිටියදී දමිල ජාතික ගුරුවරුන් දෙදෙනෙකු සමග දමිල ජාතික දරුවන් 23 දෙනෙකු පැහැර ගැනීමය.
රට වෙනුවෙන් එවැනි විශිෂ්ඨ සේවයක් සිදුකල විශේෂ කාර්ය බලකාය පුහුණුව ලබා තිබෙන්නේ කැරලි මර්ධනයට මෙන්ම ත්‍රස්ත මර්ධන කටයුතු වලටයි. කෙසේ වෙතත් රට තුල පැවතීම කැරලි කෝලාහල තත්වයන් සමනය කිරීම සඳහා මෙන්ම සංවිධනාත්මක අපාරාධ කල්ලි මෙන්ම සාමාජිකයන් අත් අඩංගුවට ගැනීමද මේ වන විට ඔවුන් සිදුකරන අතර දැන් දැන් ඔවුන්ටද විවිධ චෝදනා රාශියක් එල්ලවෙමින් තිබේ.
අතීතයේ STF නාමය ඇසෙන විටත් ජාවාරම්කරුවන් පමණක් නොව සාමන්‍ය ජනතාවද සලිත වෙයි. නමුත් මේ වන විට තත්වය වෙනස් වී තිබේ. STF නාමය ඇසූ සැණින් බොහෝ පිරිසකගේ මුවඟට සමච්චල් සිනහවක් එක් වෙයි. ප්‍රධානතම හේතුව වන්නේ රාජ්‍ය ආරක්ෂාව හා සම්බන්ධ මෙහෙයුම්වලදී ඔවුන් සිදුකරන නීති විරෝදී ක්‍රියාකාරකම්ය. ඔවුන්ගේ නීති විරෝදී ක්‍රියාකාරකම් රාශියක් අප සතුව තිබේ. එබැවින් අප හිනා වනවාට වඩා කනගාටු වන්නේ මේ ආයතන විනාශවීම යනු රටේ ආරක්ෂාවද විනාශවන බැවිනි.
තවද මෙම ආයතනය විනාශවීමට නුසුදුසු නිලධාරීන් උසස් තනතුරු දැරීම ආදී පරිපාලන දෝෂද ගනනාවක්ද බලපා තිබෙන බව විමර්ශනාත්මක දෑසින් බලන විට දකින්නට තිබේ. වාර්තා වන ආකාරයට පොලිස් විශේෂ කාර්ය බළකාය තුළ සිටිය යුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ගණන 6කි. එහෙත් මේ වන විට එම පිරිස දහයකට අධිකය. මෙම පිරිස අතර සිටින දක්ෂ නිලධාරීන් දෙදෙනකු පිළිබඳව විශේෂ කාර්ය බළකාය තුළ ඇත්තේ යහපත් ප්‍රතිරූපයකි. ඔවුන් දෙදෙනා නම් එස් එස් පී නිෂේධස් සහ එස් එස් පී රුමේෂ්ය. නමුත් රුමේෂ් කුමන හෝ හේතුවක් මත හෝ නීතිවිරෝදී ක්‍රියාවක් කළේය. ඒ පසුගියදා මාධ්‍යවේදීන්ට පහර දීමයි. ඔහු කිනම් ආකාරයෙන් හොඳ වුවත් එසේ පහරදීම අප කිසිවෙකුත් අනුමත කරන්නේ නැත. ඒ හැර ඔහුට වෙනත් වැරදි චෝදනා තිබෙන බව අපට වාර්තා නොවේ. එසේ තිබේ නම් අදහස් තීරයේ පලකල හැකිය .
මෙම නිශේද සහ රුමේෂ් යනු මනා දැනුමක් තිබෙන ඉදිරි අනාගතයක් දැකිය හැකිදක්ෂ නිලධාරීන් දෙදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු උසස් නිලධාරියෙක් අප හා පැවසීය. කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම පවතින සියලුම නීතින් වලට ගරුකරමින් කටයුතු නොකරන්නේ නම් ඔවුන් හොඳ යයි කීමට අපට නොහැකිය. නමුත් සාපේක්ෂව ගෙන අනෙක් අයට වඩා මෙම නිලධාරීන් දෙදෙනා හොඳ ඇති බැවින් එසේ පවසනවා විය හැකිය.
නමුත් මේ වන විට උසස් නිලධාරීන් කිහිප දෙනෙකුම, කිහිප අවස්ථාවකදීම ඔවුන් ගේ සේවය අනවශ්‍ය බව පවසා විශේෂ කාර්ය බලකායෙන් නෙරපීමට ලිපි ගොනු සකසා තිබේ. එසේම ඔවුන් හොඳ බව පවසන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඒවා නැවැත්වීමට කටයුතු කර ඇත. නමුත් කිසිවෙකුත් නරක බව පවසමින් සේවයෙන් නෙරපා හැරීමට නොහැකිය. ඒ සඳහා කල යුත්තේ කුමක්ද යන්න ආයතන සංග්‍රහය තුල පැහැදිලිවම සඳහන් වේ.
මේ වන විටත් විශේෂ කාර්ය බලකායේ දූෂිත නිලධරීන් පිලිබඳව කරුණු ගණනාවක්ම අනාවරණය වී තිබේ. ඔවුන්ට එරෙහිව පැවති විමර්ශන වලින් ද ඔවුන් වැරදිකරුවන් බවට පත්ව තිබේ. නමුත් දූෂිත නිලධාරීන් තබාගෙන ඔවුන්ට වඩා පොඩ්ඩක් හෝ හොඳ යයි පවසන නිලධාරීන් එසේ ඉවත් කිරීම සුදුසු නැත. කෙසේ වෙතත් එස් එස් පී රුමේෂ්ගේ එදින කල වරද නිසා දැවැන්ත විනාශයක්ද විය. ඔවුන් පවසන ආකාරයෙන් ඔහු හොඳ පුද්ගලයෙකු නම් ඔහු කල දැවැන්ත වරද පසෙක දමා ඔහුව රැකගෙන ඉදිරියට එවැනි සිදු වීම් සිදු නොවීමට වග බල ගැනීම පාලකයන්ගේ වගකීමකි.
කෙසේ නමුත් ලොක්කන් සදහා හීනටි හාල්, පොල්, අල, බතල ගෙන යන නිලධාරීන් පිළිබඳ සැවොම නිහඬ වී තිබේ. එසේම වාර්තාවන ආකාරයට පොලිස් විශේෂ කාර්ය බලකායේ තරුණ නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් හැර යයි . එයට හේතුව ද සොයා බලා මෙම වටිනා අයතනය සුරැකිය යුතුය.
විශේෂ කාර්ය බලකාය යනු ජවයක් සහිත තරුණයන් සිටිය යුතු ආයතනයකි. සිහි විකල්ව කල්පනාව නොමැතිව සිටින වයස්ගත පුද්ගලයන් බහුතරයක් මෙම ආයතනය තුල සිටින්නේ නම් තරුණ ජවය තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. නමුත් මේ ලිපිය ලියන මාද වයසට ගොස් තිබේ. එහෙත් හමුදාමය ආයතනවලට එවැනි පුද්ගලයන්ගෙන් විය යුතු සේවය වන්නේ නම් ශ්‍රී ලංකාවට මෙවැනි විපතක් සිදු නොවනු ඇත. දක්ෂ මානව හිතවාදී නිලධාරීන් “වනගත” කරමින් අදක්ෂයන් පරිපාලනයට පැමිණීම වලක්වා දක්ෂ මානව හිතවාදී නිලධාරීන් ඉදිරියට ගැනීමට වැඩපිළිවෙලක් දැන්වත් සැකසීමට බලධාරීන් කටයුතු කල යුතුය.
එසේම අප පලකරන පුවත් වලට කිසිවෙකුත් උරණ විය යුතු නැත. කල යුත්තේ වැරදි නිවැරදි කර ගැනීම පමණි. එසේම අපට මේවා ලබා දෙන්නේ කවුද යන්නද සෙවිය යුතු නැත. කල යුත්තේ අපගේ අනාවරණයන් වලින් කෙරෙන වැරදි නිවැරදි කරමින් අනාගත පරපුර වෙනුවෙන් යහපත් , මානව හිතවාදී නිලධාරීන් පිරිසක් බිහි කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. එයින් පමණක් විශේෂ කාර්ය බලකායේ ගරුත්වය මෙන්ම රටේ ගරුත්වය මෙන්ම ආරක්ෂාවද තහවුරු වනු ඇත.
එය ජනතාවගේ ආයතනයක් විනා ඒවායේ සේවය කරන දූෂිත නිලධාරීන්ගේ බුදලයක් නොවන බව අමතක නොකළ යුතුය.