විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදවත් , එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත අතර පක්ෂ නායක රැස්වීම සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද කැදවන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව සදහන් කරයි.