ඊයේ රාත්‍රී සිරස විමර්ශන මගින් රටට හෙලිකල අංක තහඩු නොමැති යතුරුපැදි 4 යුධ හමුදාවට අයත් බව ඊයේ (05) රාත්‍රියේම නිවේදනය විය.
සාමකාමී උද්ඝෝෂණයක් අතරට ගොස් , ජනතාව අතර එම යතුරු පැදිකරුවන් වැඩ දැමු බවටද අපට තොරතුරු ලැබී තිබේ. කෙසේ වුවත් මෙම සිද්ධිය පිලිබදව අද පාර්ලිමේන්තුවේද කතා බහට ලක් විය. සමාජය තුලද එම සිද්ධිය පිලිබදව දැඩි කතා බහකට ලක්වෙමින් තිබේ. වීඩියෝ වලින් දක්නට ලැබෙන ආකාරයට පොලිසියේ වරදක් දක්නට නැති බවද සමාජය කතා බහට ලක් වෙමින් පවතී.
පවතින නීතිය තුල සිවිල් ප්‍රචණ්ඩකාරී ක්‍රියා මැඩලිය යුත්තේ පොලිසිය විනා හමුදාව නොවේ. යුධ හමුදාව කැඳවිය යුත්තේ සිවිල් පුරවැසියන් පොලිස් පාලනයෙන් ගිලිහී යන්නේ නම් පමණි . එහෙත් එය ඕනාවට එපාවට කලා නොහැක . ඒ සඳහා පොලිස්පතිතුමාගේ ලිඛිත ඉල්ලීමක් හෝ අදාල ප්‍රදේශයන්වල මහේස්ත්‍රාත් වරුන්ගේ නිරීක්ෂණ මත හෝ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන තුලින් සිවිල් පොලිස් රාජකාරිවලට යෙදවීමට අතිගරු ජනාධිපතිවරයා විසින් බලතල පවරා තිබිය හෝ තිබිය යුතුය. එසේම පොලිසිය සමග මනා සම්බන්ධයක් පවත්වමින් ” නීති විරෝධී ජනසමූහ බියගැන්වීම සඳහා මනෝ මෙහෙයුමක් වශයෙන්’ හමුදාව වීදි මුර සංචාර ආදියෙහිත් යෙදවීම” ද හැකියි
ඒ කෙසේ වෙතත්සා මකාමී උද්ඝෝෂණයක් මැදට තුවක්කු සහිත හමුදාවෙන් කඩා වැදීමෙන් සිදුවන්නට ගිය මහා ඛේදවාචකයක් වැළකුණු බව අප පැහැදිලිවම දුටුවෙමු. එසේම සාමාන්‍ය ජනතාව කුපිත වූ බවද. කුපිත වූ ජනතාව එම යතුරුපැදිකරුවන්ට පහර දුන් බවද පැහැදිලිය. ඔවුන් එම ස්ථානයේ පෙර හැසිරුණු අකාරය සිරස රූපවාහිනිය සතුව තිබෙනු ඇත .
එම සිද්ධිය තුලින් පොලිසියට තමන්ගේ රාජකාරියට බාධාවක් සිදුව තිබෙන බවද, දක්නට තිබේ. මිනිසුන් අතරින් , සහ පොලිසිය අතරින් යමින් කලබලයක් ඇති වූ නිසා අදාළ හමුදා භටයන්ද පහර කෑමට ලක් වූ විය. එසේ හමුදා භටයන්ට අනතුරක් සිදුවිය හැකි බව පෙනෙන්නට තිබියදී ඔවුන් එසේ ජනතාව කුපිත කරවන අකාරයෙන් කටයුතු කිරීමට කවුරුන් හෝ නියෝගයක් දිය යුතුය. එවැනි නියෝගයක් යුධ හමුධාපතිවරයා ලබා දුන්නේ යයි කිසි සේත්ම විශ්වාස කිරීමට නොහැක. අප මෙන්ම ඔහුද තම භටයන්ට මහත් ආදරයක් දක්වන බවද නොරහසකි.
මෙසේ කටයුතු කිරීමේදී පොදු නීතිය බිඳ වැටෙන අතර එසේ කටයුතු කිරීමෙන් අදාළ යුධ භටයන්ට සහ එසේ හැසිරීම සදහා නියෝග ලබා දුන් යම් නිලධාරියෙක් සිටියේ නම් ඔවුන් සියලු දෙනාටම විරුද්දව අවස්ථානුකූලව අපරාධ චෝදනා ස්ථාපනය වේ.
හමුදාවේ ක්‍රියාව නිසා ජනතාව කුපිත වීමක් සිදු උනේ නම් පොලිස් නිලධාරීන්ගේ ජීවිතද අනතුරේය . එවිට හමුද වුවද පහර දී හෝ එළවීමට පොලිස් නිලධාරියන්ට සිදු වේ. එහිදී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 89 වන වගන්තිය ඔවුන් වෙනුවෙන් ස්ථාපනය වේ. එසේම භටයන්ගේ ක්‍රියාවෙන් කුපිත වූ ජනතාවක්. ඒ අනුව ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 73, සහ 74 වන වගන්තීන් ආදේශ කරමින් යම් ප්‍රකාශයක් කරමින් මෙම ගැටුම සමතයකට යුධ හමුදාපතිට සහ පොලිස්පතිට එකතුව මේ සියල්ලම සාදාරනීකරණය කරමින් ප්රශ්නය නිමා කිරීමටද ඉඩ කඩ තිබේ.
ඒ සියල්ලම නීතිමය පැතිකඩයන් ඔස්සේ නිවැරදි කරමින් අංක තහඩු නොමැති යතුරු පැදි නැවත මාර්ගවලට යෙදවීම නවත්වමින් මෙය සමතයකට පත් කර ගනිමින් මෙම ප්රශ්නය විසඳිය යුතුව ඇත. හමුදාව සහ පොලිසිය අතර ගැටුමක් ඇතිකරලීමට ඉඩ නොතැබිය යුතුය.
කෙසේ වෙතත් මේ වන විට අදාළ උසස් පොලිස් නිලදාරීන් දෙදෙනා ස්ථානමාරු කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.