තම පාසලේ නැටුන් කණ්ඩායමේ සිසුන්ව ජර්මනියට යවන බව පවසා මුදල් ගැරූ ගුරුවරියක් පිලිබදව ගම්පහ ප්රධාන පෙලේ පාසලකින් වාර්තා වේ.
මෙම ගුරු වරිය මෙම දරුවන්ගේ දෙමාපියන්ගෙන් මුදල් ලබාගත් චෝදනා මත ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයට විරුද්ධව පැමිණිලි හතර ලැබුණු පසුබිමක බව පොලීසිය සදහන් කරයි.
දෙමාපියන් සදහන් කරණ ආකාරයට මෙම ගුරුවරිය රුපියල් ලක්ෂ 50ක් පමණ දෙමාපියන්ගෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.
මැය ගම්පහ ප්රදේශයේ ප්රසිද්ධ පාසලක 49 හැවිරිදි වියේ පසුවන නර්තන ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.