විසඳුම් ලැබෙන තුරු පාසල් විවෘත කළ ද වැඩවර්ජනය අඛණ්ඩව පවත්වනවා – ගුරු වෘත්තීය සමිති

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ බලහත්කාරයෙන් පාසල් විවෘත කිරීම සිදු කළහොත් සියලු වෘත්තීය සමිති ඊට එරෙහිව පෙළගැස්වීමට කටයුතු කරන බවයි.

කෙසේ හෝ යළිත් පාසල් විවෘත කළ ද ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ වැඩ වර්ජනය අඛන්ඩව සිදු කරන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඊයේ (16) දිනයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version