මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (24) සඳහන් කර තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන දෙවැනි වාරිකය එළඹෙන දෙසැම්බර් මාසය තුළ ලබාගත හැකි බවයි.
වාර්තා වන ආකාරයට මහ බැංකුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබුනේ, ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි.
IMF පළමු ඇගයීමෙන් පසුව ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් විදේශ මුදල් ලැබීම තුළින් රජයේ අයවැය හිඟය පියවා ගැනීමට පිටුවහලක් ලැබෙන බවද මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.