(වීඩියෝ) අරගලයේ සාමාජිකයෙකු ගුවන් යානයේදී අත් අඩංගුවට

අරගලයේ සාමාජිකයෙකු බව කියවෙන ඩනිස් අලී නමැත්තෙකු අද හවස අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගන්නා වීඩියෝවට අනුව ඔහුව අත් අඩංගුවට ගැනීමට හේතුව හෝ රටින් පිටවීම තහනම් කරන නියෝග හෝ ඔහුට ලබා දෙන ආකාරයක් දක්නට නැත. යම් ඡායාපිටපතක් පෙන්වන අතර ගුවන් යානයතුල සිටින ජනතාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැඩි අප්‍රසාදයක් එල්ල කරයි.

නමුත් මාර්තු 31 වැනිදා සිට මේ දක්වාම නීතිවිරෝදී වැඩ කල බවට චෝදිත දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු වගකිව යුතු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවේ පොලිසියට නොහැකි විය. මෙම අරගලකරුවන් විවිධ ස්ථානවලට කඩා වදින්නේ පොලිසිය විසින් කල යුතුව තිබු නීතිමය කටයුතු සිදු නොකල බැවිනි.

රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම පිලිබදව චෝදනාව තිබෙන බව වාර්තා වුවත් ඔහුව මෙසේ අත් අඩංගුවට ගෑනුමට පෙර ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් තිබේද යන්න හෝ වාර්ථා නොවේ.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝදී ආකාරයට සිදුව තිබුණහොත් ඔහුට ගිය වියදම් මෙන්ම අලාභද ගෙවීමට අදාල නිලධාරීන්ට සිදුවනු ඇත.

Exit mobile version