පසු ගිය 28 වැනිදා අලුයම 1.30 ට ආණමඩුව පොලිස් අධිකාරිවරයා සහ පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් නිවසකට කඩා වැදී හතලිස් තුන් හැවිරිදි පුතා, හතලිස් ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ වයස අවුරුදු පහ, අට,නවය සහ විසි එක් හැවිරිදි දරුවන්ට පහර දී තිබෙන බවට මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කර තිබේ.
මෙම වීඩියෝ දර්ශනවලට අනුව පහරදීමක් මෙන්ම අත් අඩංගුවට ගැනීමට යම් සාධාරණ හේතුවක් පෙන්වීමට මෙම පොලිස් නිලධාරීන් අසමත් බව පෙනේ. ඔවුන් ප්රකාශ කරන්නේ ඔවුන්ගේ නිලධාරියෙකු ඔහු සතුව ඇති බව සිතිය හැකි යම් වාහනයකින් ඔවුන්ගේ නිලධාරියෙකු යටකරගෙන යාමට උත්සාහ කල බවයි. කෙසේ නමුත් මහා රාත්රියේ මෙසේ ත්රස්තවාදීන් කණ්ඩායමක් සේ නිවසකට කඩා වැදීම කිසි සේත්ම නුසුදුසු අතර පොලීසියේ මෙවැනි හැසිරීම් වලින් සිදුවන්නේ තව තවත් වැරදිකරුවන් සමාජයට බිහිවීම පමණි. එසේම මෙම සිද්ධිය දකින මේ දරුවන් ඇතුළු වට පිටාවේ සියලු පුරවැසියන් පොලිසියට වෛර කරති.
පුද්ගලයෙක් යම් වරදක් කලේ නම් ඔහුගෙන් පලිගැනීමට නීතිය අවභාවිතා නොකර නීතියට අනුව කටයුතු කිරීමට තරම් දැනුමක් හෝ බුද්ධියක් පොලිස් නිලධාරීන්ට නැතිනම් අප කෙසේද යහපත් සමාජයක් බිහිකරනුයේ.